පයාගල, නයිමුල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා පානදුරේ නිලංග නැමැති සංවිධානත්මක අපරාධකරුගේ මස්සිනා ලෙසින් හඳුනාගෙන අතිබව පොලිසිය පවසයි .
ඊයේ පස්වරුවේ පයාගලදී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් ඩිලා නැමැත්තා බරපතල තුවාල සහිතව නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත . මෙම වෙඩි තැබීම පාතාල සාමාජිකයන් දෙපාර්ශවයකගේ ගැටීමක් මත මෙය සිදුව ඇතැයි සැක කරනා බවත් පොලිසිය පවසයි .
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් “කුඩු සලිඳු”ගේ පාර්ශවය විසින් වෙඩි තැබිම සිදුකරන්නට ඇති බවත් වාර්තා වේ .