අයිස් මත්ද්‍රව්‍ය තොගයක් කන්ටේනරයක් තුළ සඟවා මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු සිටින බව පොලීසිය සඳහන් කරයි . මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් මෙම පිරිස අත් අඩංගුවට ගෙන ඇත .
සැක සහිත කන්ටේනරය පරීක්ෂා කිරීමෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයාගන්නා ලදී. ඒවා තුවා අතර සඟවා මෙරටට ගෙනවිත් ඇත .