රටේ දේශපාලන ක්රමයේ වෙනසක් කිරීමට සහ මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂිත හිරීමට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් රජය 22 වැනි සංශෝධනය ගෙනවිත් ප්රජාතන්ත්රවාදය උඩුයටිකුරු කරන්නට යන බව විපක්ස නායක සජිත් ප්‍රේමදාස පැවසීය .
ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ඇති බලය බෙදීම යාම සංවරණ හා තුළන තිබියදී 22 වැනි සංශෝධනය තුළින් ගරු අධිකරණයට අපහාස කරමින් විනිසුරුවන්ට අපහාස කරමින් යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලිය සමූල ඝාතනය කරමින්, නීතියේ ආධිපත්‍ය කෙලසමින් සිටින බව ඔහු වැඩි දුරටත් පැවසීය .
විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක දේශපාලන විද්‍යා පීඨයේ පැවැති ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයක් අමතමිනි.
පසුගිය ආණ්ඩුව පවා ප්රජාතන්ත්රවාදය සහ ජන ජීවිත යන දෙකම සංකෝචනය කරමින් රට ස්ථාවර යැයි පැවසූ නමුත්, සිදුවූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි කෝටිපතියන්ට අත නොතියා අර්ථසාධක අරමුදලට බලපෑම් කිරීම බවත් වත්මන් රජය පවා තමන්ට ඡන්දය ලබා දුන් කෘෂිකර්මාන්තය කරන ගොවි ජනතාව පාගා දමමින් සෑම වී කිලෝවකින්ම රු. 17ක් පාඩු කරන බවත් ඔහු පැවසීය .
පවුල් පාලනය පරාජය කරමින් යුක්තිය හා විමුක්තිය උදෙසා රට ගොඩනගනවා කියා ඇවිදින පුස්තකාල කියා බලයට පැමිණ ප්රජාතන්ත්රවාදී ඉතිහාසයේ අසාර්ථකම ප්‍රතිඵල ලැබූ රජයක් පත්ව ඇති බවත් හිටපු ආණ්ඩුවට වඩා වැඩියෙන් මේ රජය ජන ජීවිතය විනාශ කරන බවත් මේ රජය පවා ලුම්පන් ධනවාදය ශක්තිමත් කරන බවත් ආණ්ඩුව වටේ ඉන්නේ සුපිරි ධනවතුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.