ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත (CIABOC) කැඳවා තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් ප්‍රකාශයක් සටහන කරගැනිමෙන් පසු අත් අඩංගුවට ගත් බව වාර්තා වේ. අනුමත බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටිවලින් බැහැරව ජාතික ලොතරැයි මණ්ඩලයට කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයින් පස් දෙනෙකු බඳවා ගෙන පසුව හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කර ඇති බවට එල්ල වන චෝදනා මත සිදුවන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.