දීර්ඝ සති අන්තයේ අධීවේග මාර්ගයේ ආදායම ඉහළ යයි.

පසුගිය 26 සහ 27 දෙදින තුළ අධිවේග මාර්ගවල ආදායම කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇතිබව වාර්තා වේ. 26 වනදා අධිවේග මාර්ගයන්හී ආදායම රුපියල් 60,409,995 ක් ලෙසත් , 27 වනදා එය රුපියල් 64,164,930 ක් දක්වා ඉහල යන ලද බවත් වාර්තා වේ. මෙම දෙදින තුළ වැඩිම පිරිසක් භාවිත කර ඇත්තේ දක්ෂින අධිවේග මාර්ගය බවත්, දෙවෙනියට වැඩිම පිරිසක් භාවිතා කර ඇත්තේ පිටත වටරවුම් මාර්ගය බවත් වාර්තා වේ .