උගන්වන සියළු දෙනාට බලපත්‍රයක් ලබාගනීම අනිවාර්ය කරයි.

යෝජිත ජාතික අධ්‍යාපන සභාව පිහිටවීමට අදාල පනත ලඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත බවත්, එය සම්මතවූ පසු පෞද්ගලික උපකාරක පන්තිද ඇතුළුව සියළු ගුරුවරුන් ඉගැන්වීමේ බලපත්‍රයක් අනිවාර්යයෙන් ලබාගත යුතුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි .

යම් පුද්ගලයෙක් ජාතික අධ්‍යාපන පද්ධතියට සුදුසු ගුරුවරයෙක් සේ සැළකීමට නම් එකී බලපත්‍රය ලබාගැණීම අනිවාර්යය බවත්, ආචාර්ය උපාධියක් සහිත ගුරුවරයෙකුගේ වැටුප විශ්වවිද්‍යාල ගුරුවරයෙකුගේ වැටුප හා සමාන කිරීමටද යෝජනාකර ඇති බවත් පැවසේ .

ඊට අමතරව රජය අනුමත පෞද්ගලික පාසැල් සඳහා අයකරනා ගාස්තු පිළිබඳවද ‍යම් නියාමනයක් ඇති කිරීමට යෝජිත බවත් වාර්තා වේ.

ජාතික අධ්‍යාපන සභාව පිහිටවීමෙන් පසු ගුරුවෘත්තිය සඳහා උපාධි ධාරීන් පමණක් බඳවා ගන්න බවත්, එහී සභාවේ සභාපති ජනාධිපති විසින් පත්කිරීමට යෝජිත බවත් වාර්තා වේ.