අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට බරපතල ලෙස විනාශව ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි .
ඉරානයේ පවතින දැඩි උණුසුම් කාලගුණයත් සමඟ විදුලිය සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පැවතියද ඇමාරිකානු ප්‍රහාර හේතුවෙන් එරට බලශක්ති ජනන පද්ධතියට සිදුව ඇති හානි නිසා විදුලිබල ඉල්ලුම සහ සැපැයුම් අතර වෙනස මෙගාවොට් දහස් ගණනක් බව එම මාධ්‍ය පෙන්වාදෙයි .
ටෙහෙරානය ඇතුළු ප්‍රදේශ කිහිපයක දැනටමත් සැලසුමකට අනුව විදුලි විසංධි කිරීම් ආරම්භ කර ඇති අතර, කර්මාන්තශාලා සඳහා සතියකට දින දෙකක් විදුලිය සීමා කිරීමට පියවර ගෙන ඇත .
ඉරානය, අමෙරිකාව සමඟ නැවත සාකච්ඡා මේසයට පැමිණීමට අපොහොසත් වුවහොත්, ඉදිරි දිනවලදී එරට විදුලි බලාගාර සහ ප්‍රධාන පාලම් අමෙරිකානු හමුදා ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑතකදී අනතුරු ඇඟවීය.