අද උදෑසන 8.00 ට පමණ නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රියක් මෝහිනී ඇල්ල අසලදී ප්‍රපාතයට පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත . මෙම ත්‍රී රෝද රිය පාසල් ළමුන් ප්‍රවාහණයට යොදාගත් එකක් බවත්, එහි සිටි පාසැල් ළමුන් තිදෙනෙක් බරපතල තුවාල සහිතව මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනා බවත් නල්ලතන්නි පොලිසිය පවසයි .
ත්‍රීරෝද රථයේ රියදුරා සහ ත්‍රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු අනතුරින් මියගොස් ඇත . එම ත්‍රීරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි පස් දෙනෙකු ගමන් කර ඇති බවත් අධික වේගය නිසා මෙම අනතුර සිදුවන්නට ඇතිබවත් පොලිසිය පවසයි .