තරුණියන්ගේ කිහිල්ලේ දහඩියෙන් කෑම හදන අලුත්ම රැල්ල

මේ දිනවල හොයන ජපානයේ අවන්හල්වල විශේෂ ආහාර රැල්ලක් ව්‍යාප්ත වනවා.

ඒ තමයි ජපන් ජාතිකයන්ගේ පැරණිතම කෑම වර්ගවලින් එකක් වන නැවුම් ඔනිගිරි එහෙමත් නැත්නම් රයිස් බෝල්ස් කියන ආහාර වර්ගය.

මෙම කෙටි ආහාරය සාමාන්‍යයෙන් සකසනු ලබන්නේ එළවළු සහ මාංශවල රසවත් සංකලනයකින් ආවරණය කරමින් පුරවා ඇති බත් බෝලයක් ලෙසයි.

මෙය සාමාන්‍යයෙන් බෝලයක් ලෙස හෝ ත්‍රිකෝණකාරයෙන් සාදා කඩදාසියක් වැනි මුහුදු පැලෑටිවලින් සැකසූවකින් (සීවිඩ්) ඔතා තිබෙනවා දැකගත හැකියි.

මේ දිනවල නව රැල්ල බවට පත්වෙලා තියෙන්නේ එම බත් බෝලය හුරුබුහුටි තරුණියන්ගේ අත් යට දහඩියෙන් සකස් කර අවසන් කිරීමයි.

ඔනිගිරි සෑදීමට පෙර, සියලුම අමුද්‍රව්‍ය සහ ඒවා ස්පර්ශ වන ශරීර කොටස් විෂබීජහරණය කරන බව එරට වාර්තා පවසයි.

ජපන් අවන්හල් තුළ මේ අලුත්ම ක්‍රමය ප්‍රවර්ධනය කරන අතර එම ආහාරය ඇනවුම් කරන පාරිභෝගිකයින්ට මෙය සකස් කරන ආකාරය සජීවීව නැරඹීමට ද ඉඩ සලසා දී තිබෙනවා.

සමහර අවන්හල් විවෘතව මෙම ක්‍රියාවලිය ප්‍රදර්ශනය කරනවා.

මෙලෙස අත්යට දහඩියෙන් සකස් කරන ලද ඔනිගිරි ජපානයේ ඇතැම් අවන්හල් අධික මිලකට අලෙවි කරන අතර ඒවා සාමාන්‍ය බත්බෝලයක මිලකට වඩා 10 ගුණයකින් මිලෙන් අධික බව කියැවෙනවා.

මේවා ආහාරයට ගත් ඇතැම් පාරිභෝගිකයින් පවසා ඇත්තේ එහි රසයේ වෙනසක් නොමැතිි බවයි.

කුතුහලය දනවන කරුණක් නම්, විද්වතුන් විසින් පුද්ගලයන්‍ගේ කිහිලිවල ලිංගිකමය වැදගත්කම අධ්‍යයනය කර තිබීමයි.

විදෙස් වාර්තා පවසන පරිදි, 2013 වසරේ සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ශරීරයේ එම ප්‍රදේශයේ දහඩිය සුවඳ යම් ආකාරයකට වෙනත් අයකු ස්පර්ශ කරන විට මිනිස් හැඟීම් වැඩිදියුණු කළ හැකි විශේෂිත ෆෙරමෝනයක් අඩංගු වන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!