ණය ප්‍රමානය රුපියල් ට්‍රිලියන 30 ඉක්මවයි. ආර්ථිකය නැවතත් අර්බුදයක.

මෙරට වෙළඳ හිඟය (Trade Deficit) පුළුල් වීම, ආනයන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ උද්ධමනය යළිත් හිස එසවීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේදී අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ‘සතිපතා ආර්ථික දර්ශක’ වාර්තාව පෙන්නුම් කරයි . එම වාර්තාවට අනුව ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයකම අහිතකර වර්ධනයක් පෙන්නුම් කරයි.

2026 වසරේ මුල් මාස පහ තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 4,661ක් දක්වා විශාල ලෙස පුළුල් වී ඇති අතර එය 2025 වසරේ අදාළ කාලසීමාව තුළ ඩොලර් මිලියන 2,730 ක සීමාවේ පැවතිබව එම වාර්තව පවසයි .

අපනයන ආදායම සියයට 7.6 කින් පමණක් වර්ධනය වුවද. ආනයන වියදම සියයට 29.0 ක් ඉහළ යාමෙන් මෙම අවදානම් සහගත තත්ත්වය නිර්මාණය වී ඇති බව එම වාර්තාව පවසයි.