හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය .
ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් පෞද්ගලික භාවිතයට යොදාගැනීමෙන් රජයට අනර්ථයක් සිදුකළේයයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි .
මෙම විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමණාකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.