විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ අයවැය කතාව සම්බන්ධයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පුර්ණ කතාව
‘‘අපි දුටුවා මුදල් අමාත්‍යවරයා, ජනාධිපතිවරයා බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපයාගෙන තමන්ගේ අයවැය කතාව කරනවා. මම යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට විශේෂයෙන්ම රාජ්‍ය පාලනය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වැදගත්ම සූත්‍රය හැටියට හඳුන්වන්නේ චක්කවත්ති සීහනාද සූත්‍රය. කොහොමද රට පාලනය කරන්නේ, කොහොමද බදුවැයකිරීම් කරන්නේ, කොහොමද සංවර්ධනය කරන්නේ, කොහොමද සුභසාධනය ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒ නිසා විශේෂයෙන්ම චක්කවත්ති සීහනාද සූත්‍රය උපයාගෙන අපි ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු මේ අයවැය කතාව ඒකත් සමඟ සංසන්දනය කළොත් අකටයුතුකම්, අසාධාරණකම්, අයුක්තිය, පීඩනය, අසහනය, සංකෝචනය, තෙරපීම මේ හැම පීඩනීය තත්ත්වයක්ම ජනතාවට නිර්මාණය කරන අයවැයක් හැටියට අපි මේක හඳුනවනවා. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, මේ ජනාධිපතිතුමා කතා කරනකොට නිකන් අපි නිරීක්ෂණය කළා මේ දෙලොවක් අතරමං වෙලා. මොකද එතුමා දේශපාලන ජන්මයෙන්ම මාක්ස්වාදී. හැබැයි ඒ ප්‍රතිපත්තිය අමතක කරලා දැන් නවලිබරල්වාදී ප්‍රතිපත්තියේ කැප්ටන් කෙනෙක් බවට පත්වෙලා තිබෙනවා.
ඉතින් ඇත්ත වශයෙන්ම එතුමා මේ දෙලොවක් අතර තනිවෙලා, හුදෙකලා වෙලා, අසරණභාවයට පත්වෙලා සිටින මොහොතක අපි දැක්කා අයවැය කතාවේ එතුමා කතා කරනවා සොහොන් පිටිවල නූල් ගැන, වස්කවි ගැන. මම හිතන්නේ ඕවා ගැන කලබල වෙන්න දෙයක් නැහැ. ඔය හූනියම් කරන දේවල්, සොහොන් පිටි දේවල් ඕවා හැමෝටම කරන දේවල්, අපිටත් කරනවා ඇති. ඒවා සුපුරුදු දේවල්. වැදගත්ම දේ තමයි “චේතනා භික්ඛවේ කම්මං වදාමි” – චේතනාව පිරිසිදු වෙන්නට ඕනේ. අකුසල අවබෝධ කරගෙන පිරිසිදු චේතනාවෙන් ක්‍රියාත්මක වෙනකොට ඒක ගැන ඔය සොහොන් පිටිවල නූල්වලටයි, හූනියම්වලටයි, වස්කවිවලටයි බය වෙන්න දන්නේ නැහැ. දැන් අපිට හූනියම් කළත් එකයි නැතත් එකයි. අපි හැමෝටම දයාව, අනුකම්පාව, කරුණාව, පළි නොගැනීම, මෛත්‍රිය මේ හැමදේම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ අයවැය ඉදිරිපත් කිරීමේදී මම ප්‍රශ්න කරන දේ තමයි, මම හිතන්නේ නැහැ මේක පිරිසිදු චේතනාවෙන් අවංක අරමුණෙන් නිර්මාණය වුණු අයවැයක් කියලා. පැය පහක අයවැය කතාවක් අපි අසා සිටියා. විශේෂයෙන්ම කියන්නට ඕනේ මේක ජනතා විමුක්ති පෙරමුණේ පළවෙනි අයවැය නෙවෙයි. පළවෙනි අයවැය මතක ඇති නලින්ද මැතිතුමාට අමතක ඇති, මම හිතන්නේ ඔබතුමා හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ, දැන්නේ බිමල් මැතිතුමා ඉන්න ඇති, එක්සත් ජනතා නිදහස් සංවිධානයත් හවුල් කරගෙන හදපු අයවැය.
මතකනේ සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළේ, ඒකට කිව්වේ සරදියෙල්ගේ අයවැය කියලා. මතකද එතකොට ඒ සරදියෙල්ගේ අයවැයෙන් මොකක්ද වුණු පොරොන්දුව? පොහොසතුන්ගෙන් අරගෙන දුප්පතුන්ට දෙනවා කියන කාරණාව. එතකොට මම මේ අවස්ථාවේ ඔබතුමාට මතක් කරන්න කැමතියි ඒ ඔරිජිනල් ජේවීපී එකත් එක්ක කරපු මොනවාද කිව්වේ. ලෝක බැංකුවට ගහලා තියෙන ප්ලග් එක ගලවනවා කිව්වා නේද. එම්.එෆ්. එකේ ප්‍රධාන මූලස්ථානය ඉවත් කරනවා කිව්වා නේද. සූර සරදියෙල් අයවැයක් ලබා දෙනවා කිව්වා නේද. දැන් මේ අවස්ථාවේ මම මතක් කර දෙන්නට ඕනේ වර්තමාන රජයට, දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජේවීපී එක ජනාධිපතිකමක් අරගෙන, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් අරගෙන, පළාත් පාලන ආයතන බහුතරයක බලය අරගෙන දැන් ඔයගොල්ලෝ ඉදිරිපත් කරලා තියෙනවා අර බොක්සින් අයවැයක්, මොහොමඩ් අලි අයවැයක්. බඩට ගහන අයවැයක්. පොඩි මිනිහාගේ, දුප්පතාගේ බඩට ගහලා, දුප්පතුන් කොන් කරලා, පොහොසතුන්ට තැන ලබා දෙන අයවැයක්. මම ඒ තර්කය කරුණු කාරණා සාක්ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්. මම අහන්න කැමතියි බිමල් රත්නායක මැතිතුමාගෙන් මේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ මේ අයවැය පොඩ්ඩක් සංසන්දනය කරන්න.
දැන් ඔබතුමන්ලා බලයට පත්වෙන්නට මොකක්ද කරපු රඟපෑම? අර පහුගිය දවසකත් නියෝජ්‍ය කථානායකතුමනි, බොහෝම ලස්සන ඒක නිකන් හත්වෙනි මණ්ඩලය නෙවෙයි, ඒක සුපිරිම රඟපෑමක්. දැන් මේ බලය ගන්න මොකක්ද කිව්වේ? මොකක්ද ගහපු චිත්‍රපටය? දුප්පතාගේ හිතවතා කියලා රඟපාලා, නැටුම් ගැයුම් වැයුම් කරලා, ගොයම් කපලා මේ හැමදේම කරලා ජනාධිපතිකම ගත්තා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ගත්තා, පළාත් පාලන බලය ගත්තා. හැබැයි බලය ගත්තයින් පස්සේ දැන් චිත්‍රපටය වෙනස්. දැන් කඩවුණු පොරොන්දුවේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිරරචනය, කැමරාකරණය ඒ ඔක්කොම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ අපේ අගමැතිතුමිය, පොඩ්ඩක් අහක බලන් ඉන්නවා එතුමිය, ප්රමුඛ වර්තමාන තුනෙන් දෙකේ ආණ්ඩුව.
දැන් ඔබතුමන්ලා බලයට ආවේ 76 වසරක සාපය ඉවත් කරන්න, සිස්ටම් එක සහමුලින්ම චේන්ජ් කරන්න. දැන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා: “අත්තානමේව පඨමං පතිරූපේ නිවේසයේ, අථඤ්ඤමනුසාසෙය්‍ය න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ” – අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට කටයුතු කරන්න. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ? ඉස්සෙල්ලම ගෙනාවා වෝට් ඔන් එකවුන්ට් එකක්, අතුරු අයවැයක්. ඊට පස්සේ ගෙනාවා 2025 අයවැය. ඒ අයවැයෙන් මොකක්ද කිව්වේ? අපෝ ඉපදුණු හැටියේම ඇවිදින්න බැහැයි කියලා කිව්වා, පොඩ්ඩක් කල් ගන්න ඕනේ කිව්වා. ඊට පස්සේ 2026 අයවැය, තාම ඉපදිලා මේ බඩගානවා විතරයි, තාම පුරුදු වෙනවා කිව්වා. එතකොට මේ කවුද මේ කියන්නේ මේ ජේවීපී දරුවා. එතකොට මේ තුන්වෙනි අයවැය, 2027 අයවැය, මේකේ කතෘත්වයයි පීතෘත්වයයි භාර අරගෙන ඔබ මාක්ස්වාදයෙන් පිට පැනලා, නවලිබරල්වාදයේ, නියෝලිබරලිසම් කැප්ටන් බවට පත්වෙලා තිබෙනවා. සුපිරි කැප්ටන් බවට පත්වෙලා තිබෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කතා කරොත් අපේ බිමල් මැතිතුමනි, මේ ආණ්ඩුව යන්නෙත් ගිය ආණ්ඩුව ගිය අඩිපාරේමයි. ඒක තමයි සත්‍යය, ඒක තමයි යථාර්ථය.
අපි අහන්න කැමතියි කෝ ඔබ පොරොන්දු වුණු විදේශ ආයෝජන. මම මේ අවස්ථාවේ කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම විදේශ ආයෝජන අපේ රටට 2025 ඇවිල්ලා තියෙන්නේ ඇමෙරිකන් ඩොලර් බිලියනයයි. හැබැයි පිටට යෑම, පිටට යෑම තරඟයට සිද්ධ වෙනවා. මම කියන්නම් ඔබතුමන්ලාට උදාහරණ: විශේෂයෙන්ම මචන්ට්ස් ලොජිස්ටික්ස් හබ් එක එළියට ගියා, ඇඩ්වෙන්චර්ස් එළියට ගියා, සිලෝන් පෙට්‍රෝලියම් එළියට ගියා, පෙට්‍රෝනෙට් කෙරවලපිටිය ප්‍රොජෙක්ට් එළියට ගියා, ෆ්ලෝටින් එනර්ජි ටර්මිනල් එළියට ගියා. මොනවත් ඉන්කමින් නැහැනේ, ඔක්කොම අවුට්ගෝයින්නේ. ඔක්කොම පිටට යන එකනේ තියෙන්නේ.
එතකොට මම අහන්න කැමතියි, එදා ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ ප්‍රධාන මූලිකයෝ – මාස්, බ්‍රෑන්ඩික්ස්, හයිඩ්රමනී ෆැක්ටරි කීයක් අපේ රටේ වහලාද? අපේ රටේ වහලා ෆැක්ටරිය පිටරට ගිහිල්ලා පටන් ගන්නවා කර්මාන්ත පුරවරය. මෙහෙ එකක් වහලා එහෙ ගිහිල්ලා පටන් ගන්නවා 10ක්, 15ක්, 20ක්. එතකොට කොහොමද රැකියා උත්පාදනය වෙන්නේ, රස්සා නිර්මාණය වෙන්නේ? අපි දන්නවා 159කට, තුනෙන් දෙකට රස්සා ලැබිලා තියෙනවා පාර්ලිමේන්තුවේ. මම අහන්නේ ඒ අය ගැන නෙමෙයි. මම අහන්නේ රටේ විරැකියාවෙන් පෙළෙන තාරුණ්‍යය ගැන, පුංචි මිනිස්සු ගැන, සාමාන්‍ය ජනතාව ගැන මම අහන්නේ.
ජීවන වියදම අහස උසට නැගලා අද රස්සා අහිමි වීම, පොඩ්ඩක් හොයලා බලන්න, බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබතුමන්ලා කිව්වේ ලස්සන ජීවිතයක් හදන්න, නමුත් කරලා තියෙන්නේ ජීවිත අවලස්සන කරන එක. පොහොසත් දේශයක්, පොහොසත් රටක් නිර්මාණය කරන්න කිව්වා, නමුත් ඔබ කරලා තිබෙන්නේ දුප්පත්කම ප්‍රවර්ධනය කරන එක. මම මේ වැදගත් කාරණාවක් ඉදිරිපත් කරනවා, මම මේක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. මේක සංඛ්‍යා ලේඛන අනුව 100%ක් සත්‍යයි. 2019ත් 2025ත් අතර ආදායම බෙදී ගිහිල්ලා තියෙනවා ඉහළට – දුප්පතාගෙන් පෝසතාට.
එක ඉතාමත්ම පැහැදිලියි. පහළ ස්තරයේ සිටින පිරිසගේ ආදායම තියුණු ලෙස අඩු වෙලා තිබෙනවා. මේ කාලසීමාව තුළ දුප්පත්ම 20%ගේ පිරිසගේ සැබෑ කුටුම්භ ආදායම ප්‍රතිශතාත්මකව 19.6%කින් පහළ වැටිලා තියෙනවා. ඉහළ ස්තරයේ ධනය වර්ධනය වීම – ධනවත්ම 20%ගේ සැබෑ කුටුම්භ ආදායම 6.8%කින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ධනවත්ම 20%යි දුප්පත්ම 20%යි සාමාන්‍ය ආදායමෙන් 11.2ක ගුණයකින් පෝසත්ම කට්ටියට වැඩි වුණාට ඒ පරතරය මේ වෙනවිට 14.8 ගුණයක් වෙලා. දුප්පතුන් දුප්පත් කළා, පෝසතුන් පෝසත් කළා. වැඩකරන ජනතාවගේ පවුල්වලට අයත් පංගුව හැකිලිලා තිබෙනවා. දුප්පත්ම 20%ගේ ආදායම් පංගුව පහළ වැටිලා තිබෙනවා. හැබැයි එහෙම වෙනකොට විශේෂයෙන්ම පෝසත්ම අයගේ පංගුව ඉහළ ගිහිල්ලා තිබෙනවා. ධනවත්ම 20% හිමිකරගන්නා ආදායම් පංගුව 55.8% දක්වා වැඩිවෙලා තිබෙනවා. මේකට හේතු වෙලා තිබෙන්නේ ප්‍රමාණවත් වැටුප් නොලැබීම, උද්ධමනය අධික වීම, ජීවත්වීමේ ආධාරක ක්ෂය වීම.
ඉතින් ඇත්ත වශයෙන්ම ඔය කියන්නේ යථා තත්ත්වයට පත් වුණා කියලා. යථා තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ ත්රිලියනපතියාගේ, උග්‍ර පෝසතාගේ වාසියට – දුප්පතාගේ, සාමාන්‍ය ජනතාවගේ, වැඩකරන ජනතාවගේ, මැද පන්තියේ අවාසියට කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම මම මේ සමීක්ෂණය ගරු මුදල් ඇමතිවරයාගේත් ජනාධිපතිවරයාගේත් වැඩි අවබෝධය සඳහා හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. එතකොට බලන්න, දැන් ඔබතුමන්ලා සිප වැළඳගන්නා ආයතන කීපයක් තියෙනවනේ. එම්.එෆ්. එක බදාගන්නවා, උම්මා දෙනවා, ලෝක බැංකුව බදාගන්නවා, උම්මා දෙනවා, ආසියානු සංවර්ධන බැංකුව බදාගන්නවා, උම්මා දෙනවා.
දැන් ඔබතුමන්ලා උම්මා දෙන ලෝක බැංකුව මොකක්ද කියන්නේ දුප්පත්කම ගැන? මේක හොඳට අහගන්න. මෙන්න ලෝක බැංකුව මොකක්ද කියන්නේ? 2026 ඔක්තෝබර් ලෝක බැංකු වාර්තාව කියනවා අපේ රටේ 60%ක් දුප්පත් කියලා. හැබැයි ඔබතුමන්ලා මොකක්ද කියන්නේ? ඔබතුමන්ලා ඇත්තටම මේකට වගේම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත් වගකියන්න ඕනේ.
මෙන්න මේක තමයි මහ පොළොවේ සත්‍යය, මහ පොළොවේ යථාර්ථය. ඔබතුමන්ලා එක පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය 2030යි කියලා කියනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එම්.ආර්.අයි. එකෙන් අහන්න, පුරුෂ පක්ෂයේත් කාන්තා පක්ෂයේත් ඒක තමන්ගේ ක්‍රියාකාරකම් අනුව වෙනස් වෙනවා. මේ 2030 කියලා සාමාන්‍යයක් ගත්ත එක වැරදියි. ඒ වරද්ද තුළ තමයි ඔබතුමන්ලා ලොකුම ලොකු වරදක් කරන්නේ. රුපියල් 17,742ක් අවශ්‍යයි එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න කියනවා. රුපියල් 17,000කින් 18,000කින් එක පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වෙන්න පුළුවන්ද? ඒ මොකද කිලෝ කැලරි 2030 කියන ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි.
එහෙනම් මම ඔබතුමන්ලාට තව වාර්තාවක් ඉදිරිපත් කරන්නම් – යූ.එන්.ඩී.පී. එකේ බහුමාන දරිද්‍රතා වාර්තාව. මේ වාර්තාවෙනුත් පෙන්නන්නේ මොකක්ද? අපේ රටේ දුප්පත්කම ඉතාමත්ම බරපතල ලෙස ඉහළ ගිහිල්ලා තිබෙනවා. මෙන්න මේක තමයි මහ පොළොවේ සත්‍යය. දැන් මම අහන්න කැමතියි ඔබතුමන්ලාගේ මේ අයවැය තුළ කෘෂිකර්මාන්තයට සාධාරණත්වයක් ඉෂ්ට වෙලා තියෙනවාද? අර ගොයම් කප කපා ගොවීන්ට පොරොන්දු වුණු 150ක් දෙනවා කියපු වී කිලෝවේ වී මිල අදට 98යි, 95යි, උපරිම 95යි. ගොයම් කප කපා කිව්වේ. වී ගොවියාට වී කිලෝවකට කීයද දෙන්නේ? අපි ඇත්ත කතා කරමු. පොලී රහිත ණය ලබා දීලා, කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන් හරහා මේ මිල ඉහළ දමනවා කිව්වා. ඒක ක්‍රියාත්මක කරලා නැහැ. වී ගොවිතැන විතරක් නෙමෙයි; ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, ගොඩබෝග, පළතුරු, අපනයන භෝග මේ හැමදේම කඩාගෙන වැටිලා. උඩරට එළවළු වගාවත් සහමුලින්ම කඩාගෙන වැටිලා. මේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඔබතුමන්ලා අබමල් රේණුවක දෙයක් මේ අයවැය හරහා ලබා දීලා නැහැ.
ඊළඟට මම කියන්න කැමතියි, විශේෂයෙන්ම මතකද ගරු අගමැතිතුමිය මේ පොත – ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’? දැන් මේ පොතේ තියෙනවා බලයට ආපු වහාම අයි.එම්.එෆ්. එකත් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එක, ඩී.එස්.ඒ. එක වෙනස් කරනවා කියලා. වෙනස් කළේ නැහැ. අර ආපු ගමනම ඇවිල්ලා මිනිස්සුන්ව තෙරපලා, පාගලා, මිරිකලා විනාශ වෙන ඇග්‍රීමන්ට් එකට ඔබ අත උස්සලා දැන් හිටපු එක්කෙනාටත් වැඩිය හොඳින් කරගෙන යනවා. ඒකනේ දැන් උම්මා දිදී කරන්නේ.
ගරු කථානායකතුමනි, දැන් මම අහන්න කැමතියි කෝ ඩී.එස්.ඒ. එක වෙනස් කරනවා කියපු පොරොන්දුව ක්‍රියාත්මක කළාද? නැහැනේ, මේ කළේ ලොකුම ලොකු රැවටිල්ලක්නේ. දැන් මම ඔබතුමාට කියන්නම් ඊටත් එහාට ගිය කතන්දරයක්. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරුවන් එක්ක ජාත්‍යන්තර කොම්පැණියක් මැදිහත් වුණා මේ අවබෝධතාව ඇති කරගන්න. ‘ලසාර්ඩ්ස්’ කියන කොම්පැණිය ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමඟම ඝානාවේ සහ සෙනගාල්වල ප්‍රතිව්‍යුහගතකරණයන් කළා. කාටද නරකම ඩීල් එක දුන්නේ? අපිට. ඝානාව අරන් තියෙනවා හොඳ ඩීල් එකක්. එකම කොම්පැණිය ලංකාවට නරක ඩීල් එකයි, ඝානාවටයි සෙනගාල්වලටයි හොඳ ඩීල් එකකුයි ලබා දුන්නේ.
දැන් ගරු කථානායකතුමනි, මේ අපි ගහපු අවාසිදායක හොර ඩීල් එකේ තියෙනවා මැක්රෝ-ලින්ක්ඩ් බොන්ඩ්ස් කියලා එකක්. මේක හොඳට අහගන්න. අපේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ ණය කපා හැරපු සහනය අඩු වෙනවා. එතකොට මොකක්ද අපිට රටක් හැටියට තියෙන ඉන්සෙන්ටිව් එක, මෝටිවේෂන් එක ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න? ඇයි, වර්ධන වේගය වැඩිවෙනකොට විදේශීය ණය ගෙවන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා.
ලසාර්ඩ් ආයතනය ලංකාවට වංචාවක් කළේ. අපි කොම්පැණිකාරයන්ට, බහුජාතික සමාගම්වලට මුදලට, වරදාන වරප්‍රසාදවලට කිසිදා යටපත් වෙන්නේ නැහැ සමගි ජන බලවේගය කියන එක මම කියන්න කැමතියි. ඝානාව හොඳ ඩීල් එක ගත්තා, අපේ රටට කුණු ඩීල් එකක් දුන්නා. එතකොට ඔබතුමන්ලා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ලබා දීලා තියෙන සහනය මොකක්ද? සංවර්ධන බැංකුවක් හදන්න ඕනේ, කෝ ජාතික සංවර්ධන බැංකුව? 2022 අමාරුවේ වැටුණු එස්.එම්.ඊ. 2,63,000ක් ඉන්නවා, දැන් ඊටත් වැඩියි. කෝ ඒ අයගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම? පරාටේ නීතිය අත්හිටෙව්වා, හැබැයි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔබ ගියේ නැහැ.
විශේෂයෙන්ම මම අහන්න කැමතියි, දැන් ජෙන්-සී පරපුර, තරුණ පරපුර විශාල වරමක් දුන්නා. අපේ රටේ තිබුණු ලොකුම බලාපොරොත්තුව තමයි ඩිජිටල් ආර්ථිකය. ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් ඔබතුමන්ලා බිලියන 28.5ක් වෙන් කරලා තියෙනවා. හැබැයි 2026දී අයි.ටී. ක්ෂේත්රයේ පොරොන්දු 17ක් දීලා ඩිලිවර් කරලා තියෙන්නේ 5යි. ප්රෝග්රෙස් එකක් නැහැ.
ඩිජිටල් අයි.ඩී. එකට මොකක්ද වෙලා තියෙන්නේ? 2026 තුන්වෙනි කාර්තුවේ ඩිජිටල් අයි.ඩී. ගේනවා කිව්වා, මාර්තු වෙනකොට කොන්ත්‍රාත්කරු තෝරාගන්නවා කිව්වා, සැප්තැම්බර් වෙනකොට තාමත් කොන්ත්‍රාත්කරු නැහැ. නොවැම්බර් වෙනකොට අලුත් දිනයක්වත් නැහැ. පහුගිය අයවැය යෝජනාවල භෞතික ප්‍රගතිය, මූල්‍ය ප්‍රගතිය කෝ? ප්රගතියේ කිසිම දියුණුවක් නැති නිසා තමයි ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැත්තේ. ඔබතුමන්ලා තමයි ජෙන්-සී එක රැවැට්ටුවේ ඩිජිටල් ඉකොනොමි එක හදනවා කියලා. දිගනයි නුවරඑළියයි අයි.ටී. පාර්ක් හදනවා කිව්වා. කෝ ඒ අයි.ටී. පාර්ක්? කැටි වලාකුළුවලද හදලා තියෙන්නේ? ජෙන්-සී, ජෙන්-ඇල්ෆා, මිලෙනියල්ස් කියන හැම තරුණ කණ්ඩායමක්ම ඔබ රැවැට්ටුවා, මංමුලා කළා.
දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ගැන කතා කළොත්, ඔබතුමන්ලා අස්වැසුම, ප්‍රජා ශක්ති කියලා ක්‍රියාත්මක කරන ඒවා අසාර්ථකයි. බලශක්තිය ගැන ජනාධිපතිතුමා කතා කළා, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා කිව්වා. ඇයි කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කරන්නේ කම්බයින්ඩ් සයිකල් ප්ලාන්ට්ස්වලට? බොරුවට එල්.එන්.ජී. ඉන්ධන කියනවා, එල්.එන්.ජී. එකක් නැහැ. යුගධනවි, ස්වභාවධනවි, සහස්ධනවි මේ ඔක්කොම තාප බලාගාර. පුනර්ජනනීය නොවන බලශක්තිය වෙනුවෙන් බදු ගෙවන්නන්ගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරනවා. පිරිවැය විතරයි, ප්රතිලාභ නැහැ. ඔබතුමන්ලා ආරම්භ කරපු එක නිෂ්පාදන කර්මාන්තයක් කියන්නකෝ.
මයික්රෝෆයිනෑන්ස් ණය මර උගුල ඒකට අරගෙන තියෙන පියවර මොනවාද? අද අධ්‍යාපන ක්ෂේත්රයේ ස්මාට් බෝඩ් එකක් දීගන්න නැහැ, කම්පියුටර්ස් ටිකක් දීගන්න නැහැ, කනෙක්ටිවිටි එක ක්‍රියාත්මක කරන්න නැහැ. සෞඛ්‍ය ක්ෂේත්රයේ ඖෂධ හිඟය, උපකරණ හිඟය, මානව සම්පත් හිඟය බරපතල ප්‍රශ්නයක්. වෛද්‍යවරයාගේ සිට පහළ තලයේ නිලධාරියා දක්වා දැනෙන සහනයක් ක්‍රියාත්මක කරන්න. අපේ රට වටේ නාවික සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපයක් තිබෙනවා. සමුද්‍ර සම්පත, ධීවර සම්පත ප්‍රවර්ධනය කරන්න මොකක්ද වැඩපිළිවෙළ? අර මාළු හොයන ඇප් එක මොකද වුණේ? මාළු ඉන්න තැන, යන දිශාව, බෝට්ටුව කියනවා කියපු බහුදින ධීවර ඇප් එක කෝ? අද අපේ රටේ බුද්ධි ගලනය ක්‍රියාත්මක වෙනවා. උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, වෛද්‍යවරුන් රට අතහැරලා යනවා. ඒ වෘත්තිකයන් මේ රටේ නතර කරගන්න වාහන පර්මිට් එක ලබා දෙන්න. අපිට ඕනේ නැහැ, ඒ වෘත්තිකයන්ට ලබා දෙන්න.
රාජ්‍ය සේවකයෝ ලක්ෂ 15ක් ඉන්නවා, ඒ අයට යන වියදම ගැන, පඩි වැඩි කළාම යන පිරිවැය ගැන, ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා හිතන්න ඕනේ කියලා ජනාධිපතිතුමා දැන් කියනවා. ඇයි ඔය කතාව තැපැල් ඡන්දයට පෙර කිව්වේ නැත්තේ? ගොවියා දෙවියා කිව්වා, ගොවියා රජතුමා කිව්වා, ඡන්දයෙන් පස්සේ ගොවියා කසිප්පුකාරයා කිව්වා. ඡන්දයට පෙර රාජ්‍ය සේවකයන්ට ඉහළින් සැලකුවා, ඡන්දය ඉවර වුණු හැටියේ රාජ්‍ය සේවයෙන් ඇති ප්‍රතිලාභය මොකක්ද කියලා අහනවා. විශ්‍රාමිකයන්ගේ ප්‍රධාන ගැටලුවලට විසඳුම් නැහැ. වැඩිහිටියන්ට ලබා දුන්නු 15% ඉතිරි කිරීමේ පොලිය ඇයි ලබා දෙන්නේ නැත්තේ?
කෝ මේ අයවැයේ විදුලි බිල 33%කින් අඩු කරන යෝජනාව? විදුලි බිල 2,000, 6,000 කරනවා කිව්වා, 33%කින් අඩු කරනවා කිව්වා. ඇයි ඒ යෝජනාව නැත්තේ? කෝ අර පොරොන්දු වුණු ලක්ෂයේ විස්කෝතු? කෝ රුපියල් 5,000ට ලබා දෙනවා කියපු ජපන් මෝටර් බයිසිකලය? වරායේ ගොඩබාන ගානටම තෙල් දෙනවා කිව්වා, ඇමතිලාට නිලධාරීන්ට කොමිස් යනවා කිව්වා, ඒ ඔක්කොම ඉවත් කරනවා කිව්වා. කිව්වා නේද? ඒක තමයි ඇත්ත කතාව.
අද මොකක්ද වෙලා තියෙන්නේ? ඇති අය නැතිබැරි වෙලා, නැතිබැරි අය නැත්තටම නැති වෙලා. නැවතත් වරක් අයවැය ඉදිරිපත් කිරීම ලෝක සම්මානයක් ලබාගෙන තිබෙනවා – බොරුව, පචය, ඇන්දවිල්ලෙන්. මේක අයවැයක් නෙමෙයි, මේක පචවැයක්.
ඔබතුමන්ලාට 68 ලක්ෂයක් ඡන්දය දුන්නා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න. අද රෑට හරි 159 දෙනාම මේ පොත මුල ඉඳන් කියවන්න. මේකේ තියෙන සිහින ඔබ මරලා තිබෙන්නේ. අපි අහලා තියෙනවා මහා පාවාදීම් ගැන – ජූදාස් පාවා දුන්නා, බෲටස් පාවා දුන්නා. හැබැයි ලොකුම පාවාදීම තමයි 68 ලක්ෂයකගේ බලාපොරොත්තු සහ ඡන්දය දුන් නොදුන් ලක්ෂ 220කගේ සිහින මොට කරලා, බොඳ කරලා විනාශ කරපු එක. බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා: “න ජච්චා වසලෝ හෝති, න ජච්චා හෝති බ්‍රාහ්මණෝ, කම්මනා වසලෝ හෝති, කම්මනා හෝති බ්‍රාහ්මණෝ” – වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියන එක තීන්දු වෙන්නේ උත්පත්තියෙන් නෙවෙයි, ක්‍රියාවෙන්. ඉතින් ඇත්ත වශයෙන්ම පැහැදිලිවම මේ රජය වමට සිග්නල් දාලා දකුණට හරවලා, මාක්ස්වාදය පාවා දීලා, නවලිබරල්වාදය සිප වැළඳගෙන තිබෙනවා. මිනිස්සුන්ට එකක් කියලා තව දෙයක් කරන එක වසල ක්‍රියාවක්. ඒ නිසා නවලිබරල්වාදය බැහැර කරලා, අන්ත මාක්ස්වාදය සහ සමාජවාදය බැහැර කරලා, රටට වැදගත් එකම මාවත වන මැද මාවත, සමාජ ප්රජාතන්ත්රවාදය සහ සමාජ වෙළඳපොළ ආර්ථිකයට ප්‍රවේශ වන්න කියා ඉල්ලමින් මගේ කතාව අවසන් කරනවා.‘‘