දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදු කිරීමට කටයුතු කළ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර සිදුකළ පහරදීම සහ බියවද්දා පළවා හැරීම ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය විරෝධය දක්වයි .
රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස සැලකෙන ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා සහ තවත් එම ආයතනයේම මාධ්‍යවේදියෙකුට ජනාධිපති මාධ්‍ය උපදේශක විසින් බලපෑම් කිරීම සබැවින්ම උත්ප්රාසජනක තත්වයක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි .
ඔවුන් නිකුත් කළ නිවේදනය පහත පලවේ.
