ජනමත විචාරණයක් ආණ්ඩුවේ කැමැත්තට තියන්න බෑ.

යම් නිස්චිත කාරනාවක් සම්බන්ධයෙන් ජනමත විචාරාණයක් පැවැත්වීමට රජයට තීරණයක් ගත නොහැකි බවත් එයට නිශ්චිත ක්‍රියාවලියක් පවතින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද පැවසීය .

ව්‍යවස්ථා සංශෝධනයක් හෝ පනත් සංශෝධනයට ජනමත විචාරණයකට යොමුවිය හැකි බවත්, ඒ සඳහා පළමුව යම් පාර්ශවයක් එකී සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළයුතු බවත් අමාත්‍යවරයා පැවසීය . එහිදී එකී පනත් සංශෝධනය පාර්ලිමේන්තුවේ බහුතරයකට අමතරව ජනමත විචාරණයකින්ද අනුමත විය යුතුබව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කලහොත් පමණක් ජනමත විචාරණයකට යාමට හැකිබව අමාත්‍යවරයා පැවසීය .

නමුත් ජනාධිපතිවරයාට අවශ්‍යනම් ජනමත විචාරණයකින් යම් කරුණක් සම්බන්ධව මතයක් විමසිය හැකි මුත් එහී මතය නීතියක් බවට පත්නොවන බවද ඔහු පෙන්වා දුන්නේය . ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ අද (11) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි .