චොකා මල්ලී ඇප මත මුදාහරී

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ඇප මත මුදාහැරීමට නුවරඑළිය මහෙස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස නියෝග කළාය .

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී සිය ගිනිඅවිය පෙන්වා මරණ තර්ජනය කරමින් බියවැද්දීම යන චෝදනාව මත ප්‍රේමලාල් ජයසේකර නුවරඑළිය පොලීසිය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගන්න ලදි .

සැකකරු රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත, යටතේ මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, නඩුව සැප්තැම්බර් 14 දින නැවත කැඳවීමට නියෝග කරන ලදි .