ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග සටහන වෙනස් වෙයි .

එළැඹෙන ජූලි මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව තරගාවලිය ජූලි 10 වනදා ආරම්භ කර, අගෝස්තු 5වනදා අවසන් කිරීමට නියමිතය . මීට පෙර ජූලි 8 ආරම්භ කර අගෝස්තු 8 අවසන් කිරීමට කටයුතු යොදා තිබුණි.

මේ අතර නව සංශෝධනයත් සමග තරගාවලියේ තරග ක්‍රීඩාංගණ 4 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මීට පෙර තරග පැවැත්වීමට කටයුතු යොදා තිබූ කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ දඹුල්ලට අමතරව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ද තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙවර පැවැත්වෙනුයේ LPL තරගාවලියේ 6වන අදියරය.