ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගියදා යළි බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ අද (30) ඇප මත නිදහස් වූ බව වාර්තා වේ.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන නංදුන් චින්තක නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ඇප නියම කරනා ලදි .
එහෙත් එම අවස්ථාවේ සැකකාර චරිත් අබේසිංහ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් යළි බන්ධනාගාර ගතකරනා ලදි .