කොවිඩි තවදුරටත් ගෝලීය වසංගතයක් නොවෙයි – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමත් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වීමත් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.

ගත වූ වසර 03 තුළ කොවිඩ් ආසාධිතයින් සීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය රැස් වී කොවිඩි 19හි වර්තමාන ව්‍යාප්තිය පිළිබඳ සිදුකළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව එය තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව නිවේදනය කර තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *