රතුපස්වල තීන්දුව ලබන මස දක්වා කල්යයි

බීමට පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා, පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කර, තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබන මස (මැයි) 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අද (30) අධිකරණය තීරණය කළා.

අදාළ සිදුවීම මීට වසර 11කට පෙර වාර්තා වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුව දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව අද (30) දිනයේ නිකුත් කිරීමට තිබුණත් අදාළ දිනය දක්වා කල් තැබීමට අධිකරණය කටයුතු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!