පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මගට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව A.S.P. ලියනගේ මහතා දැනුම් දී තිබෙනවා.

වසර 20කට ආසන්න කාලයක සිට අදාළ වැඩසටහන TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ බවත්, 2025 මාර්තු 31 දින දක්වා වැඩසටහන විකාශය කිරීමට ගිවිසුම්ගත වී ඇති බවත් ඒ මහතා අදාළ මාධ්‍ය ආයතනය වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.

ලියනගේ මහතා චෝදනා කරන්නේ ගිවිසුමේ සඳහන් දිනයට පෙර, තමන් දැනුවත් කිරීමකින් තොරව වැඩසටහනේ විකාශන කටයුතු නවතා දැමීම අසාධාරණ බවයි.

මේ වන විට අදාළ මාධ්‍ය ආයතන ලියන්ගේ මහතාගේ දුරකතන ඇමතුම් පවා මගහරිමින් ඉතා වංචනික ලෙස කටයුතු කරන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

ගිවිසුම් ප්‍රකාරව නැවත “ASP පැදුරු පාටිය” වැඩසටහන විකාශනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුනොවුණහොත් ඉතා ඉක්මනින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවට ලියනගේ මහතා අදාළ මාධ්‍ය ආයතන දැනුවත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!