කෙන්යාවේ වේල්ලක් 42ක් බිලි ගනී – 17ක්ම දරුවන්

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී පහත් බිම් යටවීම නිසා මියගිය ගණන 42 ක් යැයි විදෙස් මාධ්‍ය පවසනවා.

දරුණු හානි සිදුවුණු බව පැවැසෙන්නේ, මායි මහියු නමැති පළාතටයි.මියගිය පිරිසෙන් 17 දෙනකු කුඩා දරුවන් බව රතු කුරුස සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

වේල්ල කැඩී යෑමත් සමග ආ මහා ජලකඳට හසුවී අතුරුදන්වූවන් සෙවීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි කෙන්යා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!