මුලතිව් ඓතිහාසික කුරුන්දි රජමහා විහාරස්ථානයේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව යළි ස්ථාපිත කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත .
කුරුන්දි විහාරයෙන් ඉවත්කරනා ලද පොලිස් ආරාක්ෂාව නැවත ලබාදෙන ලෙස ඉල්ලමින් විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සාන්තබෝධි හිමියන් විසින් අමාත්‍යාංශය වෙත යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමින් මෙම තීරණය ගෙන ඇතිබව වාර්තා වෙයි . .
විහාරස්ථානය සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාව නැවත ලබාදීමට කඩිනමින් පියවර ගන්නා බව විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විහාරාධිපති හිමියන් වෙත මේවන විටත් දැනුම් දී ඇති බව සඳහන් වෙයි.