කිසිම ආණ්ඩුවක් අධිකරණයට මෙහෙම කළේ නෑ .

හිටපු ජනාධිපතිවරුන්ට අධිකරණයට ඇඟිලි ගැසූ බවට චෝදනා තිබුණද ඒ කිසිවෙකු මේ ආකාරයට අධිකරණ විනිසුරුවන් පත් නොකර පුරප්පාඩු තබාගෙන නොසිටි බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පවසයි.
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණවල විනිසුරුවන් 4 දෙනා බැගින් හිඟ බවත් පහළ අධිකරණවල විනිසුරුවන් අදාළ තනතුරු වෙත යෑමට බලාපොරොත්තුවෙන් සිටින බ ඔහු සඳහන් කරයි .

එවන් තත්ත්වයක් අධිකරණ ක්ෂේස්ත්‍රයේ පැවතියද ජනාධිපතිවරයා මේ මේ දිනවල අහවල් දේශපාලකයා හිරේ යන බවත් කිරිබත් කෑමට සූදානම් වන ලෙස ප්‍රසිද්ධ වේදිකාවේ පවසන බවත්, පහළ අධිකරණවල විනිසුරුවන්ට ඔවුන්ගේ තීන්දු අනුව අල්ලස් ලබා දීමට අදාළ තනතුරු තබාගෙන සිටින්නේද යන සැකය ජනතාව තුළ මතු වන බවත් ඔහු පැවසීය .