උතුරු නැගෙනහිර වී මිලදී ගැනීම ඇරඹෙයි.

දිවයිනේ ස්ථාන 143 ක පිහිටා ඇති වී අලවි මණ්ඩළය සතු ගබඩා කේන්ද්‍රකර මෙවර වී මිලදී ගැනීම අද දින සිට සැලසුම් සකස් කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවසීය.

මෙම කාර්යන් සඳහා රජය විසින් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 6,000ක මුදලක් ලබා දී ඇති අතර මීට අමතරව ඔඩපන ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර ඇතිබව පෙන්වාදුන් ඔහු මෙවර නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී කිලෝවක් රුපියල් 130, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140ක් යන මුදලට මිලදී ගැනීමට නියමිතය බව සඳහන් කළේය .

මේ දිනවල ඇතැම් ස්ථානවල වී අස්වනු නෙළීම ආරම්භ කර ඇතිබවත්, ඒ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු නෙළීම බහුල වශයෙන් සිදුවෙමින් පවතින බවත්, එම නිසා එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් මුල් අවස්ථාවේ සිදු කරන බව ඔහු සඳහන් කළේය.