කම්කරු දිනයට ජනපතිගේ පණිවුඩය

කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නිවේදන නිකුත් කර තිබේ.

ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වාදෙන්නේ, අප සෑමවිටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියාකළ අතර ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනාදෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ අපේක්ෂාව බවය.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරිමට ඇතැම් පාර්ශව උත්සහ කළද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර ඇති එම අරමුදලට කිසිදු හානියක් සිදුවීමට ඉඩනොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වැඩකරන ජනතාව බව පෙන්වාදෙන ජනාධිපතිවරයා ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව සුවිශේෂි දායකත්වයක් ලබාදුන් බවද පෙන්වාදෙයි.

එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ, කුමන්ත්‍රණකාරී බලවේගයන්හි උත්සාහයන් ආපසු හරවමින් දිනූ අයිතිය සුරකිමින් මව්බිම ගොඩනගන්නට මෙම ලෝක කම්කරු දිනයේදී අදිටන් කරගත යුතු බවයි.

වැඩ කරන ජනතාව වෙත ලබාගත් ජයග්‍රහණ මතින් වැඩෙන ආර්ථිකයක් බවට රටම පත්කර ගත යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *