සිය ඉවත් වීම සම්බන්ධව ජාතික රූපවාහිනියේ හිටපු සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර සිය මුහුණු පොතේ සටහනක් තබමින් කරුණු අනාවරය කර ඇත.
ඔහුට එම තනතුරට ආරාධනා ලැබුණ දා සිට ඉවත් වීම දක්වා කරුණු මෙන්ම ඉදිරි ආනාගතය සම්බන්ධයෙන් ද ඔහු සිය සටහනෙන් ඉඟි පළ කර තිබේ.
“2024.09.24 දිනයේ සවස 4.45ට පමණ සිදුකරගෙන යමින් සිටි දේශනයක් අතර සිසුන්ගේ ඉල්ලාගන්නා කෙටි විවේකයේදී වතුර ටිකක් බොන අතරවාරයේ නිහඬකර තිබූ දුරකතනයට පැමිණ ඇති ඇමතුම් පරීක්ෂා කරන්නත් කිසියම් අවස්ථාවක් තියෙනවා. එක දිගට පැමිණ තිබූ ඒ ඇමතුම් අතර අලුතින් පත්වූ ජාතික ජන බලවේගය රජයේ හිතවතුන් කිහිප දෙනෙකුගේ දුරකතන ඇමතුම් සහ කෙටි පණිඩුඩ කිහිපයක් මට මිස් වී තිබිණ. ඒ අතරවාරයේම වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාගෙන් පැමිණි දුරකතන ඇමතුම “සෙනේෂ් කොහෙද ඉන්නේ? වැඩක් බාරදෙන්න තියෙනවා. විජිත අයියා හොයනවා.” මා දුටු කෙටි පණිවුඩ අතර විජිත අයියා එවූ කෙටි පණිවිඩයක් තිබිණ. “…….. ත් තියෙනවා, …… ත් තියෙනවා. මොකද්ද අරගන්නේ..” නලින්ද සුපුරුදු හිතෛෂි නමුත් තරමක බලකරන ස්වරූපයෙන් ඇහුවා. “ස්තූතියි.. මං එහෙම මොකවත් ගන්න අදහසක හිටියෙ නෑ.” “ඒවා පස්සෙ කතාකරමුද.. හෙටම ජාතික රූපවාහිනිය ගන්න ඕන.. ඉක්මණට තීරණයක් ඕන..” නලින්ද ඇමතුම විසන්ධි කළා. “
“නලින්දගේ එවර දුරකතන ඇමතුමේ කිසිදු හිතෛෂි බවක් තිබුනේ නෑ “කෙටි කාලයක්වත් ඇදලා දෙන්න පුලුවන් වෙන්නම ඕන ..? මාස දෙකක් තුනක්..? මේක වැඩක්..! කරමු ඉතින් දැන් කරමු මේක..!! ” මාස තුනකට හිත හදාගත්තා.” යැයි රූපවාහිනි සභාපති ධූරය භාර ගත් හැටි ඔහු විස්තර කර තිබේ.
කෙසේ නමුත් ඔහු ඉවත් වුණාද කළා ද යන්න ඔහුගේ සටහන යටින් ද ප්‍රශ්න කරමින් තිබේ.