රූපවාහිනියේ සභාපති ආවේ මාස තුනට – හෙට එන සභාපතිගේ ආයු කාලය දවස් තුනද ?

සෙනේෂ් දිසානායක බණ්ඩාර ජාතික රූපවාහිනියේ සභාපති ධූරයෙන් ඉවත් වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස බීබීසි සිංහල සේවයට තහවුරු කර තිබෙනවා.

“සෙනේෂ් වැඩ භාර ගන්නකොට කිව්වේ එයාට මාස තුනයි මේක කරන්න පුලුවන් කියලා. එතකොට විසි පහට ඒක ඉවර වෙනවා.”

ජාතික රූපවාහිනි සභාපති ධූරයට ගිහාන් ද සිල්වා පත් කරන බව ත් ඔහු ⁣හෙට (දෙසැම්බර් 26) සිය ධූරයේ වැඩකටයුතු භාර ගන්නා බව ත් ඇමැතිවරයා සඳහන් කර තිබෙනවා.