පාරිභෝගිකයකුට පහරදී තුවාල සිදු කලේ යැයි කියන සිද්දියක් සම්බන්ධයෙන් කැකිරාව නගරයේ හෝටල් කළමනාකරුවෙකු ඇතුලු තිදෙනෙකු කැකිරාව පොලිස් ස්ථානය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව මහ වීදියේ පිහිටි හෝටලයක් තුළදී ඊයේ (24) සවස මෙම පහරදීම සිදුව තිබේ.
ආපන ශාලවට පැමිණි පාරිභෝගිකයකු හා එම හෝටල් කළමනාකරවරයා අතර ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් පසු හෝටල් කළමනාකරු ඇතුලු සේවකයින් තිදෙනෙකු විසින් අදාළ පාරිභෝගිකයාට මෙලෙස පහර දී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
පහරදීමෙන් තුවාල ලැබ සිටි පුද්ගලයා කැකිරාව පොලිසියේ නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර සඳහා කඩිනමින් දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
මෙලෙස පහර කෑමෙන් තුවාල ලබා ඇත්තේ කැකිරාව තිබ්බටුවැව ප්‍රෙද්ශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි