කටුනායක වෙඩි තැබීමකින් පොලිස් නිළධාරියෙකුට තුවාල.

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලත් පොලිස් නිලධාරියෙකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇත . එම පොලිස් නිළධාරියා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී මෙම සිදුවීම සිදුව ඇත .

සැකකාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා යතුරුපැදියකින් ගමන් කරද්දී ඔහු ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් දැවමොට්ටාව ප්‍රදේශයෙදී සැකකරු නතර කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අතරතුර, එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒම සඳහා ගොස් ඇති අතර ඒ අවසරයෙන් ක්‍රියාත්මක වූ සැකකරු පොලිස් නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනි අවිය පැහැරගෙන එම නිලධාරියාටද ඉන් වෙඩි තබා වෙනත් යතුරුපැදියකින් පළාගොස් ඇත. පලාගිය සැකකරු සොයා විමර්ශණ පැවැත්වෙයි .