එයා ‘වර සිරිසේනයෝ‘කියල කිව්වාම සිරිසේන ඇත්තටම ජනපති වුණා – රෝහිත

පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.
“ඊයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා විසින් රාජාසන කතාව එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. මේක ඇත්ත. හැබැයි මේක තිත්තයි.
ඊයේ අපි දැක්කා සමඟි ජන බල වේගය ආවේ නෑ.

ඒ කාලේ අපි දෙපැත්තක් හිටියා ටොයියොයි බයියොයි. එක පාරටම ජනාධිපතිතුමාට රාජාසන කතාව කරන්න මේනියාවක් තියෙනවා කියලා හූ කියලා අර මොන්ටිසෝරියක හැසිරෙන විලාසය භාවිතා කරලා සභා ගැබෙන් ගියා. ඒකේ හිටියා ටොයියෝ බයියෝ වියත්තු ඔක්කොම හිටියා. ඕක යෝජනා කළේ එක මන්ත්‍රීවරයෙක්. හැබැයි ඔය මෝඩ චූන් එක කරපු කෙනා ඉතිහාසයේ කරපු දෙයක් මං මතක් කරන්නම්.
ඔය මන්ත්‍රීවරයා හොඳ කථිකයෙක්. රම්පෙට පොරි හැලෙන්න දෙන්න පුළුවන්. ඔය කථිකයා මහරගම වේදිකාවේ කතා කළා. කතා කළේ කොහොමද? ‘කෝ මේ සිරිසේනයා. මේකා පුටුවක් යටද හැංගිලා ඉන්නේ, වර සිරිසේනයෝ ‘ මම දැනගත්තා අනිවාර්‍යෙන් මෛත්‍රීපාල ජනාධිපති වෙනවා කියලා. ඔන්න මෝඩ චූන් දීපු හැටි.

2004 අපි ගැහුවා සන්ධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්සෙයි ජනතා විමුක්ති පෙරමුණයි අතර. ලාල් කාන්තලා එක්ක කරට අත දාගෙන රතු කොඩියි නිල් කොඩියි වන වන යනවා. හැම දිස්ත්‍රික්කෙන්ම ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු හතළිස් දෙන්නෙක් ආවා. මෙන්න රැල්ල. තව රැලි ආවා. ගම්පහ දිස්ත්‍රික්කේ නිළියෙක් පළවෙනියා කරූ ජයසූරිය දෙවෙනියා හත් දෙයියනේ. ඊළඟ පාර නිළියත් නෑ නළුවත් නෑ. ගෞරවනීය සංඝරත්නයේ රැල්ලකුත් තිබුණා. සිවුරු කඩන් මේකෙ මර්වින් සිල්වා එක්ක නටපු රැල්ලකුත් තිබුණා. ඒ රැලි ඔක්කොම යට ගියා වගේ මේ වියත් රැල්ලත් ඊළඟ පාර්ලිමේන්තුවේ නෑ. මේ අද කතා කරන දේශපාලනයේ මමත් වෙනස් වෙන්න පුළුවන්. “

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *