ඉන්දීය උප ජනාධිපති ශ්‍රී ලංකාවට පැමිණේ .

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මේ වන විට දිවයිනට පැමිණ ඇත . ඔහු සමග 49 දෙනෙකුගෙන් යුතු නියෝජිතයන් පිරිසක්ද පැමිණ ඇති බව තානාපති ආරංචිමාර්ග පවසයි .

ඉන්දීය ගුවන් සේවයේ INDIA – 01 දරන ගුවන් යානයෙන් ඉන්දීය උපජනාධිපතිවරයා අතුළු පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟාවූ අතර, එම පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටී .