ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනතාවගේ නොවන යුද්ධයකට අමෙරිකානු හමුදාව ඇද දැමූ බව හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස් පැවසූවය. ඇමරිකව පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ඇද දමමින් වර්තමාන ගල්ෆ් කළාපයේ පවතින යුධ තත්ත්වය ඊශ්‍රයලය විසින් ඇටවූ උගුලක් බව ඇය එහිදී වැඩිදුරටත් පැවසූවාය .
සුබසාධක කටයුත්තක් සඳහා පැවති ආධාර රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි .
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෲත් සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා ඇති අදහසක් පිළිබඳව විදෙස් මාධ්‍ය සිය අවධානය යොමුකර ඇත . එහිදී ඇමරිකානෞ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ජනතාව ඊශ්‍රායලයට කැමති වූවත් නැතත් ඔවුන් අමෙරිකාවේ ශ්‍රේෂ්ඨ සගයෙකු බවට ඔප්පු කර ඇති බවය.