වයස අවුරුදු 70 ට වැඩි අස්වැසුම ප්රතිලාභ ලාභීන්ගේ මෙම වසරේ මැයි මාසයේ දීමනා හෙට (29) ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි .
ඒ අනුව, ‘අස්වැසුම’ පළමු සහ දෙවැනි අදියර යටතේ සුදුසුකම් ලැබූ වැඩිහිටියන් ලක්ෂ 7කට ආසන්න පිරිසක් වෙනුවෙන් රුපියල් තුන්සිය හතළිස් නව කෝටි තිස් නව ලක්ෂ පහළොස්දහසක (3,493,915,000.00) මුදලක් රජය විසින් මෙලෙස නිදහස් කිරීමට නියමිතය .
ඒඒ අදියර අනුව පහත සඳහන් පරිදි ප්රතිලාභ මුදල් වෙන් කර ඇත .
පළමු අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්රතිලාභීන් 625,128 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3,125,600,000.00 ක මුදලක්.
දෙවන අදියර – වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටි ප්රතිලාභීන් 73,663 දෙනෙකු වෙනුවෙන් රුපියල් 368,315,000.00 ක මුදලක්.