අධිකරණය ෆොක්ස්හිල් ධාවකයන් ගැන ගත් තීරණය

දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් පැවැති නඩුව බණ්ඩාරවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ එම අනතුර සම්බන්ධ මෝටර් රථ දෙක රුපියල් ලක්ෂ 50ක් බැගින් වූ බැදුම්කර දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.

යළිත් සිතාසියක් ලැබු‍ණොත් පමණක් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්. පීටර් ෆෝල් මහතා ධාවකයන් දෙදෙනාට නියම කළේ.

රංජිත් උඩුවිට සහ ඩිලාන් සංජීව යන මෝටර් රථ තරග කරුවන් දෙදෙනාට මෙම නියෝගය නිකුත් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!