ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා ඇමරිකාවෙන් 12.5% අමතර බද්දක් .

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේස්ත්‍රයේ සිදුකරනා ශ්‍රමය බලයෙන් ලබාගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඇමරිකාවට අපනයනය කරනා භාණ්ඩ සඳහා 12.5% අමතර බද්දක් පැනවීමට එරට තීරණය කර ඇති ඇතිබව විදෙස් පවසයි .

සේවක ශ්‍රමය බලහත්කාරයෙන් යොදාගනිමින් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීම මගින් ඇමරිකානු වෙළඳපොළ වඩාත් සාධාරණ තැනක් කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතිබව එම මාධ්‍ය වැඩි දුරටත් පවසයි .

ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10% සිට 12.5% දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය තීරණය කර ඇත .

මෙම නව බදු සංශෝධන යෝජනාවට ක්‍රියාත්මක කිරීමේදි අනුව කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා 10%ක අතිරේක බද්දක් පැනවීමට නියමිතය . ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 45 ක් ඇතුළත් ඛාණ්ඩය සඳහා12.5% ක ඉහළ බද්දක් පැනවීමට නියමිතය .

කෙසේ වෙතත් මෙරට ප්‍රධාන අපනයන ක්ෂේත්‍රයක් වන ඇඟලුම් සහ රෙදිපිළි අංශය වෙත යම් සහනයක් සැළසීමට හැකි විශේෂ යාන්ත්‍රණයක් ද මෙම යෝජනාවලියට ඇතුළත් කිරීමට යෝජනාකර ඇතිබව පවසෙතත් එය කුමනාකාරයෙන් බලාත්මක වන්නේදයි මේවන තෙක් ප්‍රකාශයට පත්කර නැත . මෙම නව බද්ද නිසා ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට ඇමරිකානු වෙළඳපළෙ තරග කිරීම දැඩි අභියෝගයක් වනු ඇතිබව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි .