විපක්ෂය විසින් තමන්ට එරෙහිව ගෙන එන බව කියන විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තෙක් තමා උවමනවෙන් බලා සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවාය .
එවැන්නක් ගෙන ආවොත් තමන්ට කරුණු සහිතව පිළිතුරු ලබා දීමට තමන්ට අවස්ථාව හිමිවන බවත් , අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතා අවධානය දිනා ගැනීමට විපක්ෂය දරන උත්සාහය පරාජය කිරිමට හැකිවනු ඇති බවත් ඇය පැවසූවාය.
දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ පද්ධති හැක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශය නිසි පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන සඳහා ඕස්ට්‍රේලියානු රජයේ පූර්ණ සහාය හිමිවන බවයි.
ලෝක සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය ලබාදීමට හැකිවීම වාසනාවක් ලෙස තමන් සළකන බවත්, මෙවනි සාම පා ගමනක් මෙරට පැවැත්වීම රටට විශාල ආශීර්වාදයක් ලෙස දක්නා බවත් ඇය පැවසූවාය .
අද (24) නුවර දළඳා මාලිගාව අසලින් සාම පාගමන ආරම්භකළ අවස්ථාවේ මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්ණ සඳහා පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව පැවසූවාය .