මැයි මාසෙට අදාළව ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර ඇත .
ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල ඉහළ යාම හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට තීරණය කළ බව එම සමාගම පවසයි .
මේ අනුව 2026 මැයි මාසයේදීත් දැනට පවතින මිල ගණන් වලංගු වෙයි . එම මිල පහත දක්වෙයි .
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 4,765යි.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,910යි.
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 890යි.