විපක්ෂයේ මන්ත්‍රීවරුන් වත්මන් රජය යටතේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5 ක පාඩුවක් ගැන කෑ ගැසූවද ඔවුන් බලයේ සිටි සමයේ ඊට වඩා වංචා මෙරට සිදුව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි .
2016-2017 කාලසීමාවේදී හිටපු අමාත්‍ය පී. හැරිසන් සහ හිටපු ජනාධිපති බිරිඳකගේ මැදිහත්වීමෙන් සිදුකළ කිරි හරක් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය රජයට ඇමරිකානු ඩොලර් බිලියන 10.6 ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව ඔහු පැවසීය .
මීට අමතරව ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුවූ ඩොලර් මිලියන 12.6ක පාඩුව, මහ බැංකුව හරහා සිදුවූ ඩොලර් බිලියන 6ක ගනුදෙනුව, හම්බන්තොට රෝහලට භාණ්ඩ ගෙන්වීමේදී සිදුවූ ඩොලර් මිලියන 1.4ක වංචාව සහ ගිං-නිල්වලා ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 4000ක පාඩුවක්ද සිදුව ඇති බව අමාත්‍යවරයා පැවසීය.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “අපි ආවේ හොරු අල්ලන්නයි, හොරුන්ට දඬුවම් දෙන්නයි. ඒක අපි කරනවා,” යැයි පවසමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසර අවසානය වන විට බොහෝ දූෂණ නඩු අධිකරණය හමුවේ ගොනු කරන බවයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව පැවසීය .