හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවීම, විදේශගතව සිටින කොටි හිතවාදී ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා වත්මන් රජය සිදුකරන දේශපාලන රංගනයක් බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ චෝදනා කරයි .
මෙම ආණ්ඩුව බලයට පත්වූයේද කොටි ඩයස්පෝරාවේ මූල්‍ය ආධාර මත බවත් , වත්මන් රජයේ මැතිවරණ කටයුතු සහ විදේශගත රැස්වීම් සඳහා වැඩි වශයෙන් වියදම් කළේ කොටි ඩයස්පෝරාව බවත්, පැවසූ ඔහු එබැවින් දැන් රජයට ඔවුන් සතුටු කිරීමට සිදුව ඇතිබවත් පැවසීය
යුද ජයග්‍රහණය සැමරෙන මාසයක, රජය විසින් නාවික හා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේද සිරගත කර ඇති බව ඔහු පෙන්වා දුන් ඔහු මේ සියල්ල පිටුපස තිබෙන්නේ ඩයස්පෝරාවේ උවමනාඅ බව ඔහු සඳහන් කළේය .
යුද සමයේ සේනාධිනායකයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂගේ වත්කම් බැරකම් සෙවීමට අල්ලස් කොමිසමට කැඳවීම, හුදෙක් කොටි හිතවාදීන් පිනවීමට කරන ක්‍රියාවක් පමණක් බව ඔහු පැවසීය .