22 වැනි සංශෝධනය ගැන තීන්දුව අද කාථානායක අතට .

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහස්‍ය තීන්දුව අද කථානායකවරයාට පැබීමට බොහෝ දුරට ඉඩ ඇතැයිදේශපාලන ආරංචි මාර්ග පවසයි . එමෙන්ම එය හෙට (22) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඉදිරි සතියේ පාර්ලිමේන්තු සැසිවාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ කථානායක ජගත් වික්‍රමරත්නගේ මූලිකත්ත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් මේ පිළිබඳව වැඩි විස්තර එහිදී අනාවරණය වනු ඇතිබවත් පැවසේ .

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා වන විවාදය ලබන 24 සහ 25 යන දෙදින තුළ පවැත්වීමට නියමිතය .