ගල්අඟුරු ආනයනය සහ ඒ ආශ්රිත විදුලි උත්පාදන ක්‍රියාවලියේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන කටයුතුවලට සහය පලකරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත . ඒ සමගම එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාලද අද (17) පස්වරුවේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතිබ්ව වාර්තා වේ .
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි භාරදෙමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙම පරීක්ෂණ ක්‍රියාවලියට උපරිම සහයෝගය දැක්වීම සහ එහි අපක්ෂපාතීත්වය තහවුරු කිරීම තමන්ගේ අරමුණ බවයි.
විශේෂයෙන්ම 2009 වසරේ සිට සිදුවූ ගල්අඟුරු ආනයනයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම දූෂණ විරෝධී ගමනේ වැදගත් පියවරක් බව ඔහු පෙන්වා දී ඇතිබව් වාර්තා වේ .
