පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙ නිළ නිවාසයක මාසික කුළිය රුපියල් 1000 යි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදි කර ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස කුළිය රුපියල් දහසක් බවත් එම කුළිය සහ ප්‍රමාද කුළී සඳහා දඩ මුදල වැඩිකළයුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

1994 වසරේ මෙම නිවාස සංකීර්ණය ඉදිකරන ලද අතර එහි ආරම්භක නිවාස කුළිය වූයේ රුපියක් පන්සියයකි. පසු අවස්ථාවක එය රුපියල් දහස දක්වා ඉහළ දමා ඇත.

මන්ත්‍රී නිවාස නඩත්තුවට ඉහල පිරිවැයක් වාර්තා වීම නිසා මෙම කුළී මුදල සහ පමාවන නිවාස කුළි වෙනුවෙන් අය කරනා පොළියද ඉහළ දැමීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට යෝජනාවක් ලෙස ඉදිරි දින කිහිපයෙදි ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *