නාවලපිටිය – මාපාකන්ද ප්රදේශයේ සිට නාවලපිටිය දෙසට දක්වා ධාවනය වෙමින් පැවති ත්රීරෝද රථයක් මතට ප්රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩාවැටීමෙන් ත්රි රෝද රියේ ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (04) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර පාසල් සිසුවෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසුවා. ත්රී රෝද රියේ රියදුරු අනතුරින් දිවිගලවාගෙන ඇත.