ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් .

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ අද අළුයම භූ කම්පනයක් සිදුව ඇතිබව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

රික්ටර් මාපක 6.2ක අගයකින් යුතු එම භූ කම්පනය එරට වේලාවේන් උදෑසන 5.24ට සිදුව ඇති අතර එහි පසු කම්පන තත්ත්වයන් පිළිබඳව වාර්තා පලවී නැත . එමෙන්ම එම භූ කම්පන තත්ත්වයට අදාලව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැත .