පසුගියදා පිලී පැනීමට ලක්වු ‘‘සාගරිකා‘‘ දුම්රිය අද (27) සිට යළි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ පැවානුයේ එම දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවය.
පසුගිය 24 වනදා බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේදී පිලීපැනීමට ලක් වූ අතර එහිදි දුම්රියේ මැදිරි 13න් 11ක් පිලීපැනීමට ලක්විය. යළි පීළිගතකළ දුම්රිය කොළඹ බලාරැගෙන යන අතර කොම්පඤ්ඤ වීථියේදි යළිත් පීළිපැනීමකට ලක්විය .
එමෙන්ම එම සිද්ධියට අදාල පර්ටීක්ෂණ නිමවන තෙක් පිලී පැනීමට ලක්වු සාගරිකා දුම්රියේ ගමන් කළ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු දුම්රිය ධාවන කටයුතුවලින් තාවකාලිකව ඉවත් කර තිබේ. ඒ අනුව එම දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස දුම්රිය ධාවන කටයුතු සදහා සහභාගී කර නොගැනීමට තීරණය කර ඇත.