රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් කොළඹ 04 හි පිහිටි රජයේ නිවසක් කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ප්‍රියසංඛ ගාල්ලගේ හට වෙන් කර ඇත.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන) ජේ.ඒ.ඒ.එන්. ජයවීර විසින් නිකුත් කරන ලද නිල ලිපියකට අනුව, කොළඹ 04, ලොරිස් පටුමගේ අංක 4-3 දරන රජයේ නිල නිවස, 2025 ජුනි 6 සිට 2030 ජුනි 5 දක්වා හෝ ඔහු කථානායකවරයාගේ පෞද්ගලික ලේකම් ධුරය දරනා තෙක් ඔහු වෙත ලබාදී ඇත .
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 සහ නිල නිවාස සම්බන්ධ අනෙකුත් රජයේ රෙගුලාසි වලට යටත්ව මෙම වෙන් කිරීම සිදු කර ඇතිබව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍යංශයේ ලේකම් එස් . ආලෝකබණ්ඩාරගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති ලිපියෙ දැක්වෙයි .
