කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පවරා තිබූ අල්ලස් නඩුවකට අදාළව ඇප නියම වීමෙන් පසු හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇප බැඳුම්කරයට ඊයේ (18) තැබූ අත්සන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල දැක්වෙන ඔහුගේ සුප්‍රකට අත්සනට වඩා සපුරා වෙනස් එකක් බව මහාධිකරණ කාර්ය මණ්ඩලයේ නිරීක්ෂණයට ලක්ව ඇතිබව වාර්තා වේ.
මේ පිළිබඳ අධිකරණ නිලධාරීන් විසින් වහාම විත්තිකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කර ඇත . ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ මුදල් නෝට්ටුවල දැක්වෙන්නේ සිය අත්සන නොව නම බවයි . ඇප අයදුම්පත සඳහා යොදනු ලැබුවේ තමන්ගේ සාමාන්‍ය නිල රාජකාරි අත්සන බව ඔහු එහිදී පවස ඇත .
හිටපු මහ බැංකු අධිපතිවරයාගේ මෙම පැහැදිලි කිරීමත් සමඟ අධිකරණ කාර්ය මණ්ඩලය මුහුණ දුන් ගැටලුකාරි තත්ත්වය සමනය වූ අතර අනතුරුව අදාළ ඇප ලේඛන කටයුතු සාර්ථකව නිමවා ඔහුට අධිකරණ පරිශ්‍රයෙන් පිටව යෑමට අවසර ලැබුණි .