”Walk For Peace” සාමයේ පා ගමන අද (22) උදෑසන 6.30ට දඹුල්ලෙන් ඇරඹෙන අතර අප්‍රේල් 28 වැනිදා දක්වා එය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිතය .
භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වූ අතර, එය මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු විය .
එම පාගමන ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත . එම පාගමනට සහභාගීවීම සඳහා වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේලා මේවන විට ශ්‍රී ලංකාවට පැමිණි සිටිනා අතර මෙම සාම පා ගමන සඳහා “ආලෝකා” නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.
සාම පාගමනේ පළමු දිනය අද මාතලේ අලුවිහාරය දක්වා පැවැත්වෙනු ඇත .
සජීවක රත්නපාල
දඹුල්ලේ සිට.