සාම ගිවිසුමට අත්සන් කරන්නට ඇමරිකාව ඉරානයට බලපෑම් කරයි.

ඉරානය සාම ගිවිසුමකට එකඟ විය යුතු අවසන් අවස්ථාව මෙය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි . මේවන විටත් සාකච්ඡාවල ලක්වෙමින් පවතින මෙම නව ගිවිසුමට ඉරානය අත්සන් නොතබන්නේ නම්, එහි ප්‍රතිඵලය ඉතා දරුණු වනු ඇති බව ඔහු පවසයි .

ඉරාන වරායන් අවහිර කිරීමට ඇමරිකාව ගත් තීරණයට ප්‍රතිචාර දක්වමින් ඉරානය නැවතත් හෝමූස් සාමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර ඇත. ඒ සමගම කළාපීය නොසන්සුන්තාව තීව්‍ර වී ඇති අතර, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳුදා පකිස්ථානය බලා යාමට නියමිතය.

මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, සාකච්ඡා සඳහා ඉතා සාධාරණ එකඟතාවක් තමන් යෝජනා කරන බවයි. එම යෝජනාව ඉරානය ප්‍රතික්ෂේප කළහොත් එරට සියලුම විදුලි බලාගාර සහ පාලම් විනාශ කිරීමට ඇමරිකාව පසුබට නොවන බවට ඔහු දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.