සයිනෝපෙක් සහ අයි ඕ සී සමාගම් ඉන්ධන මිල සංශෝධනය කරයි .

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව සුදු ඩීසල් ලීටරයක මිල රු.15කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රු.20කින්, භූමිතෙල් ලීටරයක මිල රු.20කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු.25කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.24 කින් ඉහළ දමා ඇත .

එම මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී සහ සයිනොපෙක් යන සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇත .

එහෙත් සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් මිල සංශෝධනයක් සිදුකර නැත . අතර ඔවුන් මේ වන විටත් සුපර් ඩීසල් ලීටරයක් අලවි කරනුයේ රුපියල් 600ක මිලකටය .